ලක්ෂ 30ක් වංචා කළැයි හිටපු ඇමැති මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්


(උපාලි රණවීර)

විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරකරන ලද හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හා ඔහුගේ සොහොයුරුක වන බව කියන අයකු ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ෙ ජනවාරි මස 6 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට යක්කල ප්‍රදේශයේ පුද්ගලික විසින් කරන ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශනවලින් අනතුරුව ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන කියන තිසර නානායක්කාර නමැති අයෙකු බිබිල ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමන් භාරයට පත් කෙරිණ

සැකකාර පුද්ගලයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ හතලිහක මුදලක් නෙදර්ලන්තයේ රැකියාවක් ලබා දෙන බව පවසා ඉල්ලා ඇති අතර එම මුදලින් රුපියල් තිස් ලක්ෂයක් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 15 බැගින් එම සැකකරුගේ පෞද්ගලික බැංකුව ගිණුමකට තැන්පත් කොට ඇති බවත් මෙහිදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසා සිටියහ.

තවද 2019වසරේ සිට2024 සැකකරුගේ ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට පුද්ගලයන් විසි අට දෙනෙකු විසින් රුපියල් කෝටි විසි හතකට ආසන්න මුදලක් තැන්පත් කොට ඇති බවත් සැකකරු අවස්ථා කීපයකදී එම මුදල් ආපසු ලබාගෙන ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසා සිටියහ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිට එම නිලධාරීහු සැකකාර පුද්ගලයා හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුව එම තනතුරින් ඉවත් විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් එම හැඳුනුම්පත ද භාවිත කොට ඇති බව මෙහිදී කරුණු අනාවරණය කළේය

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)